Home උණුසුම් පුවත් ගිනියාවෙත් හමුදා කුමන්ත්‍රණයක්

ගිනියාවෙත් හමුදා කුමන්ත්‍රණයක්

ගිනියාවෙත් හමුදා කුමන්ත්‍රණයක්

අප්‍රිකානු රටක් වන ගිනියාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවී ඇතැයි වාර්තා පළ වේ.

මේ වනවිට හමුදාව බලය අල්ලා ගත් බව පැවසූ තහවුරු නොකළ වීඩියෝ පටයක් හුවමාරු වන නමුත් සොල්දාදුවන් වටා සිටින ගිනියාවේ ජනාධිපති ඇල්ෆා කොන්ඩේගේ සැබෑ තත්ත්වය තහවුරු වී නොමැති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් හමුදා සොල්දාදුවකු ඔවුන් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන් රජය විසුරුවා හරින බව පවසමින් ජාතික රූපවාහිනියේ පෙනී සිට ඇත.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ බලය අත්පත් කර ගැනීමට ගත් උත්සාහය ජනාධිපති ආරක්ෂක නිලධාරින් විසින් ව්‍යර්ථ කළ බවයි.

ඒ, කොනක්රි අගනුවර ජනාධිපති මන්දිරය අසල පැය ගණන් පැවති දැඩි වෙඩි හුවමාරුවෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here