Home දේශීය පුවත් දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් 22 ක්

දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් 22 ක්

0
දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් සංචිතයට  ක්‍රීඩකයන් 22 ක්

දකුණු අප්‍රිකාවට එරෙහි මෙරටදී පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් විසිදෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (30) නම් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද මෙම සංචිතයට හිමිව ඇති බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයට අනුව කණ්ඩායම් නායකත්වය දසුන් ශානකය හිමිව ඇති අතර උප නායකත්වයට ධනංජය ද සිල්වා නම්කර තිබේ.

එම සංචිතය මෙසේය.

1) දසුන් ශානක (නායක)
2) ධනංජය ද සිල්වා (උප-නායක)
3) කුසල් ජනිත් පෙරේරා
4) දිනේෂ් චන්දිමාල්
5) අවිශ්ක ප්‍රනාන්දු
6) භානුක රාජපක්ෂ
7) පැතුම් නිස්සංක
8) චරිත් අසලංක
9) වනිඳු හසරංග
10) කමිදු මෙන්ඩිස්
11) මිනෝද භානුක
12) රමේෂ් මෙන්ඩිස්
13)චාමික කරුණාරත්න
14) නුවන් ප්‍රදීප්
15) බිනුර ප්‍රනාන්දු
16) දුෂ්මන්ත චමීර
17) අකිල ධනංජය
18) ප්‍රවීන් ජයවික්‍රම
19) ලහිරු කුමාර
20)ලහිරු මධුෂංක
21) පුලින තරංග
22) මහේෂ් තීක්ෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here