Home උණුසුම් පුවත් ඇෆ්ගනිස්ථානයෙන් ලාංකිකයන් 66ක් මුදාගැනේ

ඇෆ්ගනිස්ථානයෙන් ලාංකිකයන් 66ක් මුදාගැනේ

ඇෆ්ගනිස්ථානයෙන් ලාංකිකයන් 66ක් මුදාගැනේ

ඇෆ්ගනිස්ථානයේ මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ අද වනවිට එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාතයාංශය පවසයි.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පහසුකම් සැලසූ අතර ඒ අනුව එම පිරිස ගලවා ගැනිණි.

තවත් සත් දෙනෙකු (7) ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටින අතර, ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකු (21) දැනට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කොට ඇත.

එරට මතුවන ප්‍රවණතා පිළිබඳව විදේශ කටයුතු අමාතයාංශය අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවන බව ද නිවේදනය කර ඇත.

ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියළුම දෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථානය දක්වා ගමන් කිරීමට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම සඳහා අවසර දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here