Home දේශීය පුවත් නිරෝධායන ඇදිරි නීති කැඩූ 61,000 ක පොලිස් දැලේ

නිරෝධායන ඇදිරි නීති කැඩූ 61,000 ක පොලිස් දැලේ

0
නිරෝධායන ඇදිරි නීති කැඩූ 61,000 ක පොලිස් දැලේ

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 61,006 දෙනෙක් පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 718 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඒ කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගමන් කළ වාහනද 73 ක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන ආවරණය වන පරිදි මාර්ග බාධක සෝදිසි කිරීමේ ස්ථාන 13 ක්ද මේ වන විට පිහිටා ඇතැයි පොලිස් මාද්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. එම ස්ථානවලින් වාහන 733 ක් සහ පුද්ගලයින් 1153 දෙනෙක් ගෙවී ගිය පැය 24 තුළ සෝදිසි කෙරුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here