Home උණුසුම් පුවත් නිරුවත් ඡායාරූප පෙන්වා කාන්තාවකගෙන් කප්පම් ගන්න හැදූ ඉංජිනේරු සිසුවා ඇතුළු දෙකක් කොටුවේ

නිරුවත් ඡායාරූප පෙන්වා කාන්තාවකගෙන් කප්පම් ගන්න හැදූ ඉංජිනේරු සිසුවා ඇතුළු දෙකක් කොටුවේ

0
නිරුවත් ඡායාරූප පෙන්වා කාන්තාවකගෙන් කප්පම් ගන්න හැදූ ඉංජිනේරු සිසුවා ඇතුළු දෙකක් කොටුවේ

නිරුවත් ඡායාරූප මුහුණ පොත හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර කාන්තාවක් බිය ගන්වා රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ගැනීමට උත්සහගත් තරුණයින් දෙදෙනෙක් ඇඹිලිපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටියේ පදිංචිව සිටින සැමියා විදෙස්ගතව සිටින කාන්තාවක් විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට ඉකුත් 25 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව ඊයේ (27) එම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොළොන්නරුවේ සහ අංගොඩ පදිංචිව සිටින ඔවුන් අවුරුදු 23 හා 20 යන වයස්වල පසුවන්නන්ය. පොළොන්නරුවේ තරුණයා උසස් පෙළ ඉහළින් සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත්වීමට තේරී සිටින්නෙක් බවත් අංගොඩ පදිංචි තරුණයා පුද්ගලික රෝහලක සේවයකර විදෙස්ගතවීමට සූදානම්ව සිටින්නෙක් බවත් පොලීසිය කියයි.

මෙම තරුණයින් දෙදෙනාද එකිනෙකා දැන හදුනාගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ බවද පොලීසිය කියයි. දෙදෙනා එකිනෙකා මුණ ගැසී නැති අතර ඔවුන් ඇඹිලිපිටියේ විවාහක කාන්තාව දැන හදුනාගෙන ඇත්තේද මුහුණු පොත හරහාය. එම කාන්තාවගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන මෘදුකාංගයක් මගින් එම ඡායාරූප නිරුවත්කර ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් ඔස්සේ කාන්තාවට එම ඡායාරූප පෙන්වා තර්ජනය කරමින් මුදල් ඉල්ලා ඇති බව පොලීසිය කියයි.

තාක්ෂණිකව උපරිම ආරක්ෂක ක්‍රමවේද යොදා ගනිමින් ඔවුන් මෙම තර්ජනය කර තිබෙන බව සදහන්ය. පොලීසියට මෙම සැකකරුවන් අල්ලා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ කප්පම් මුදල ලබාදීමට ඔවුන් ලබාදුන් බැංකු ගිණුමක් ඔස්සේය. එම ගිණුමට එම කාන්තාව රුපියල් 10,000 ක මුදලක් මුලින් දමා ඇති බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here