Home උණුසුම් පුවත් පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීමේ නියෝගය ඇවිත්

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීමේ නියෝගය ඇවිත්

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීමේ නියෝගය ඇවිත්

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රු.12500ක් දක්වාත් දිනක අවම වැටුප රුපියල් 500ක් දක්වාත් ඉහළ නංවා තිබේ.

‍පසුගිය 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක විය යුතු බවට කම්කරු කොමසාරිස්වරයා විසින් නිල නිවේදනය නිකුත් කර ඇත.

මෙතෙක් පැවතියේ පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටපු රුපියල් 10000ක් ලෙසත් දිනක අවම වැටුප රුපියල් 400ක් ලෙසත් ය.

ඉහත නියෝග පරිදි ජාතික අවම වැටුපට 2005 අංක 36 සහ 2016 අංක 04 දරණ අයවැය සහන දීමනා ද ඇතුළත් විය යුතු බවට කොමසාරිස්වරයාගේ නියෝගයේ දැක්වේ. ඒ අනුව වැටුප ගණනය කළ යුත්තේ පහත පරිදි ය.

මේ අනුව 2021 අංක 16 සංශෝධනයට අදාළව පසුගිය 20 වැනිදා මේ පිළිබඳ නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ දෙවැනි කොටසේ අතිරේකය ලෙස මෙය ප්‍රකාශයට පත්කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here