Home උණුසුම් පුවත් සති දෙකකින් සීනි මිල බාගෙකට බස්සන්න ඇමති ලෑස්තියි

සති දෙකකින් සීනි මිල බාගෙකට බස්සන්න ඇමති ලෑස්තියි

සති දෙකකින් සීනි මිල බාගෙකට බස්සන්න ඇමති ලෑස්තියි

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ජනතාවට පොරොන්දු වෙයි.

දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 220ක් වැනි මිලකට ය.

පෞද්ගලික නාලිකාවක වැඩසටහනට අද (27) එක්වෙමින් ඔහු ඒ බව පැවසුවේය.

“දැනට වැඩිවී තිබෙන සීනි මිල ඉදිරි සතිය තුළ අඩුකිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩුමිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා.

දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා. ලෝක වෙළෙඳපොළේ ප්‍රවනතාවය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා.”

වෙළෙඳපොළේ සීනි මිල අසාමාන්‍ය ලෙස වැඩිවන්නේ සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් තරම් අඩු මට්ටමක තිබියදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here