Home උණුසුම් පුවත් කාබුල් පිපිරීමෙන් මියගිය ගණන ඉහළට – ප්‍රතිප්‍රහාරයක් ගැන පොරොන්දුවක්

කාබුල් පිපිරීමෙන් මියගිය ගණන ඉහළට – ප්‍රතිප්‍රහාරයක් ගැන පොරොන්දුවක්

කාබුල් පිපිරීමෙන් මියගිය ගණන ඉහළට – ප්‍රතිප්‍රහාරයක් ගැන පොරොන්දුවක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල පිටත ඊයේ සිදු වූ පිපිරීම් දෙකෙන් අමෙරිකානු සොල්දාදුවන් 13 දෙනෙකු ඇතුළත්ව 110 දෙනෙකු මිය ගොස් තිබේ.

තලේබාන් පාලනයෙන් පලා යාමට අපේක්ෂා කරන ඇෆ්ගන් ජාතිකයින් ඉවත් කිරීමට අමෙරිිකානු හමුදාව තවත් උදව් කරමින් සිටී.

විදෙස් වාර්තා පවසන්නේ ප්‍රහාර එල්ල විය හැකි බවට කලින් පෙන්ටගනය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරට අනුව තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට සැක පළකෙරෙන බවයි.

“ගුවන් යානා ගණනාවක් ගුවන් ගත වෙමින් තියෙන්නේ. ඊයේ සිට ගුවන් තොටුපල අවට සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව ආසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ, ”ඔහු පැවසීය. ‘ඉතිරිව ඇති ගුවන් යානා ස්වල්පය මතට යාමට දහස් ගණන් මිනිසුන් තාප්පයක් වටා පොරබදින අයුරු අපි දකිමින් ඉන්නේ.” මේ විදේශීය මාධ්‍යවේදියෙක් කාබුල් සිට ලබාදුන් තොරතුරයි.

ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්ථානයේ ISIL (ISIS), ඛෝරාසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍යය, ISKP (ISIS-K) බාරගෙන තිබේ.

කාබුල් නගරයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පොරොන්දු විය. බෝම්බ ප්‍රහාර ISIS-K විසින් සිදු කළ බව තහවුරු කළේය. “අපි නුඹලාව දඩයම් කරනවා පමණක් නෙවෙයි වන්දි ගෙවන්නත් සලස්වනවා.” යැයි ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here