Home COVID විදෙස්ගත වන අයට එන්නත් සහතිකය ඔන්ලයින්

විදෙස්ගත වන අයට එන්නත් සහතිකය ඔන්ලයින්

විදෙස්ගත වන අයට එන්නත් සහතිකය ඔන්ලයින්

අංජනා මල්ලවාරච්චි

විදෙස්ගතවීමට අපේක්ෂා කරන ජනතාවට කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සහතිකයක් නිකුත් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

එම සහතිකය මාර්ගගත(ඔන්ලයින්) ක්‍රමයට නිකුත් කරන බවද එම ආයතනය කියයි.

එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබා ගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විද්‍යුත් ලිපිනයට ඉල්ලීමක් කළ යුතු බවද එම ආයතනය කියයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ කොවිඩඩ් මර්දන එන්නත ලබාගත් බවට සහතිකයක් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ එන්නත් කාඩ් පතේ විස්තර අන්තර්ජාලය හරහා යොමු කළ යුතු බව ද එම ආයතනය කියයි.

මාර්ගගත ක්‍රමය මගින් මෙවැනි සහතිකයක් ලබාගැනීම ජනතාවට විශාල සහනයක් බව ද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here