Home COVID ජපානයෙන් කොවිඩ් මඬින්න තවත් පරිත්‍යාගයක්

ජපානයෙන් කොවිඩ් මඬින්න තවත් පරිත්‍යාගයක්

ජපානයෙන් කොවිඩ් මඬින්න තවත් පරිත්‍යාගයක්

අංජනා මල්ලවාරච්චි

ජපාන රජය ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත් සීත දාම උපකරණ තොගයක් අද පරිත්‍යාග කළේය.

එන්නත් බහලුම් 750ක් සිත පෙට්ටි 300ක් ශීතකරණ 100ක් ශීතකරණ උෂ්ණත්ව පාලන මොනිටර 145ක් එම පරිත්‍යාගයට ඇතුළත්ය.

ජපානය එම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය හරහා ලබා දී තිබේ.

එම භාණ්ඩ තොග කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට අද බාරදෙනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here