
අංජනා මල්ලවආරච්චි
වසංගත රෝග විද්‍යා ඒකකය, කොවිඩ් වසංගත ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට අසමත්ව ඇති බැවින් එම ඒකකයට අයත් වගකීම් විශේෂඥ කමිටු හයකට පවරන ලෙස ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රෝග ආවේක්ෂණය, වසංගත පාලනය, එන්නත්කරණය, සායනික ප්‍රතිකාර රෝග පර්යේෂණ හා අධික්ෂණය ඇගයීම් යන වගකීම් සඳහා වෙන වෙනම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමන්විත කමිටුවක් පත් කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද් ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
වසංගත රෝග විද්‍යා ඒකකයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම එම කමිටු 6 ට පත් කළ යුතු බවද ඔහු කීය.
මෙම කරුණ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ බවද ලේකම්වරයා කීය