Home COVID නිවසේ ඉන්න කොවිඩ් රෝගීන්ට 1390න් වෛද්‍ය උපදෙස්

නිවසේ ඉන්න කොවිඩ් රෝගීන්ට 1390න් වෛද්‍ය උපදෙස්

නිවසේ ඉන්න කොවිඩ්  රෝගීන්ට 1390න් වෛද්‍ය උපදෙස්
Hand holding phone with woman doctor on call and an online consultation. Smartphone screen with therapist. Ask doctor. Online medical advise, consultation service. Vector flat illustration

අංජනා මල්ලවආරච්චි

නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට 1390 දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

බස්නාහිර පළාතේ නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට එම දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා ලබාගැනීම කළ හැක්කේ ඒ සඳහා ලියාපදිංචි වීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් එම ලියාපදිංචිය ලබා ගත හැකි බව ද එම අමාත්‍යාංශය කියයි.

නිවසේ සිට ප්‍රතිකාර ලබාගන්නා ලබාගන්නා රෝගියකු වයස අවුරුදු 65 ට නොවැඩි විය යුතු අතර නිදන්ගත රෝගවලින් හෝ වෙනත් සංකූලතාවලින් තොරවිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here