Home උණුසුම් පුවත් ලොව පුරා Zoom ඇණහිටී

ලොව පුරා Zoom ඇණහිටී

ලොව පුරා Zoom ඇණහිටී

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් ගණනාවක zoom මෘදුකාංගය ඇනහිට තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසාදැමීමත්, නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයේ පහසුව සඳහාත් ශ්‍රී ලංකාව ඇතුළු ලෝ පුරා වැඩි වශයෙන් ඉගෙනුම් සහ කාර්යාලයිය කටයුතු සිදුකරනු ලබන්නේ zoom මෘදුකාංගය ඔස්සේය.

Conference සඳහා අලුතින් සම්බන්ධ වන සහ සම්බන්ධ වෙමින් සිටි අයට මෙන්ම තම ගිණුමට අලුතින් ලොග් වූ පරිශීලකයන්ට මෙම අපහසුතාවට මුහුණදීමට සිදුවී ඇත.

මෙරට තුළ ප්‍රදේශ ගණනාවකින් zoom ඔස්සේ පාසල් ඉගෙනීම් කටයුතු කරමින් සිටි දරුවන් ගෙන් අපට අසන්නට ලැබුනේ ඉගෙනුම් කටයුතු අතරතුර හිටි හැටියේ ඇනහිටි බවය.

රටවල් ගණනාවක මෙම තත්වය වාර්තා වන බව විදෙස් වාර්තා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here