Home උණුසුම් පුවත් කුරුන්දි විහාරයට එරෙහිව සුමන්තිරන් උසාවියට

කුරුන්දි විහාරයට එරෙහිව සුමන්තිරන් උසාවියට

කුරුන්දි විහාරයට එරෙහිව සුමන්තිරන් උසාවියට

උතුරු පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන මුලතිව් කුරුන්දි විහාරයේ කැණීම් අරඹා එහි ගවේෂණ කටයුතු සිදුකිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ‍අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සහ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු කිහිපදෙනකු නම් කර ඇත.

එම පෙත්සම ලබන 23 වැනිදා සළකා බැලීමට නියම වී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීම සඳහා විහාරාධිපති හිමි ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ විය.

මුලතිව්, නාගචෝල වනාන්තරය තුළ පිහිටි කුරුන්දි විහාරය විශිෂ්ඨ පබ්බත විහාර සංකීර්ණයකි.

ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ ප්‍රමුඛ අට්ඨකතාවක් වන කුරුන්දි අටුවාව මෙම විහාර සංකීර්ණයේ වැඩවාසය කළ හිමිනමක් රචනා කරන ලද බව සැලකේ.

උතුරු පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන කුරුන්දි විහාරය අන්තවාදින්ගේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති බවට වාර්තා පළවෙයි.

1 COMMENT

  1. සුමන්දිරන් කොහොමත් ඉතිහාසය හෙලිදරව් වෙනවට අකමැති නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here