Home දේශීය පුවත් ඉන්ධන හිඟයක් ගැන බොරු කීවේ යැයි ආනන්ද පාලිත CID අත්අඩංගුවට

ඉන්ධන හිඟයක් ගැන බොරු කීවේ යැයි ආනන්ද පාලිත CID අත්අඩංගුවට

0
ඉන්ධන හිඟයක් ගැන බොරු කීවේ යැයි ආනන්ද පාලිත CID අත්අඩංගුවට

ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා පදිංචිව සිටින වැලිසර පිහිටි නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම අත්අඩංගුවට ගැනීම කර ඇත.

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දින 10ක් හෝ 11ක් පමණ ආවරණය කිරීම සඳහා වන පැට්‍රෝල් හා ඩීසල් පමණක් බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ව්‍යාජ තොරතුරක් සදහන් කිරීමත් හා එම තොරතුරු පදනම් කරගෙන මහජනතාව කලබලවී ඉන්ධන පිරවුම් හල් අසල දිගු පොලිම් හට ගැනීමත් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here