Home COVID “රෝග ලක්ෂණ මතුවුණු හැටියේ රෝහල්ගත වීම අවශ්‍ය නෑ”

“රෝග ලක්ෂණ මතුවුණු හැටියේ රෝහල්ගත වීම අවශ්‍ය නෑ”

“රෝග ලක්ෂණ මතුවුණු හැටියේ රෝහල්ගත වීම අවශ්‍ය නෑ”

අංජනා මල්ලවාරච්චි

කොරෝනා ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ මතු වූ පමණින් රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසීය.

ඇඟ රිදීම, කැස්ස, උගුර කැසීම උණ කොන්දේ කැක්කුම හිසරදය ආදී රෝග ලක්ෂණ කොවිඩ් ඕනෑම ප්‍රභේදයක රෝගීන්ට මතුවන බවද එම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් මතු වූ පමණින් රෝහල් ගත වීම අවශ්‍ය නොවන බව ද විශේෂඥ වෛද්‍ය දිසානායක මහතා පැවසීය.

එහෙත් හුස්ම ගැනීමේ දැඩි අපහසුවක් තිබේ නම් සහ අධික හතියක් තිබේනම් රෝහල්ගත අනිවාර්ය බවද විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here