
ලබන සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇත.
පවතින කෝවිඩ්- 19 වසංහගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බව සභානායක , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ය.
එළඹෙන අඟහරුවාදා (17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි.