Home දේශීය පුවත් සතියක් තුළ ලාෆ්ස් ගෑස් මෙහෙයුම අරඹනවා – සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය

සතියක් තුළ ලාෆ්ස් ගෑස් මෙහෙයුම අරඹනවා – සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය

0
සතියක් තුළ ලාෆ්ස් ගෑස් මෙහෙයුම අරඹනවා – සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය

සති කිහිපයක් තිස්සේ මුළුමනින්ම අඩපණ වී තිබූ ලාෆ්ස් ගෑස් මෙහෙයුම් කටයුතු තවත් සතියක කාලයක් තුළ ආරම්භ කරන බව ලාෆ්ස් සමූහයේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා NEWSWAVE කළ විමසීමේ දී අද (12) සවස පැවසීය.

ඒ අනුව ලාෆ්ස් ගෑස් පිළිබඳව විශ්වාසය තැබූ විසි පන් ලක්ෂයකට අධික පාරිභෝගික ජනතාවට නැවතත් ගෑස් ලබා ගැනීමේ හැකියාව උදාවී තිබේ.

ලෝක වෙළඳ පොළේ ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට අවශ්‍ය බව පසුගිය අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දට පෙර සිට ගෑස් සමාගම් ඉල්ලීම් ඉදිරිපත් කළේය.

අදාළ පාඩුව පියවා ගැනීමට නොහැකි තැන එහි මෙහෙයුම් කටයුතු මුළුමනින්ම ඇණ හිටියේය. ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද දින අවසර ලබා දුන්නේ ඒ අනුවය.

මෙතෙක් රුපියල් 1493 ක්ව පැවැති 12.5 ක ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නව මිල ඉහළ යෑම සමඟ රුපියල් 1,856 ක් දක්වා ඉහළ යන අතර රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here