Home උණුසුම් පුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වැරදියි – සෞඛ්‍ය වෘත්තියවේදීන්ගෙන් චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වැරදියි – සෞඛ්‍ය වෘත්තියවේදීන්ගෙන් චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වැරදියි – සෞඛ්‍ය වෘත්තියවේදීන්ගෙන් චෝදනා

අංජනා මල්ලවාරච්චි

සෞඛ්‍ය අංශය ලබාදෙන තොරතුරු නිවැරදි ඒවා නොවන බවත් ඉතා සාම්ප්‍රදායික සහ හිතාමතා විකෘති කරන ලද තොරතුරු ජනතාවට ලබාදෙන බවටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාරවලට සුපරීක්ෂා මෘදුකාංගය ලබා දුන් නමුත් එය අක්‍රීය වී ඇතැයි ද නිවැරදි දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැතැයිද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කීය.

ලංකාවේ PCR පරීක්ෂණ රජයේ රසායනාගාර කීයක කරනවාදැයි සෞඛ්‍ය ලේකම්වරයාට අදහසක් නැතැයි රවි කුමුදේශ් මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වගකීම විවිධ අයට පවරමින් සිටින බවද එන්නත්කරනය ත්‍රිවිධ හමුදාවටත් , ප්‍රභේද පරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශයටත් සංචාරක පරීක්ෂණය පෞද්ගලික රසායනාගාර වෙතත් පවරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන බවද රවි කුමුදේශ් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here