Home COVID නැඟෙනහිර ආයුර්වේද රෝහල් 4ක් කොවිඩ් මධ්‍යස්ථාන කෙරේ

නැඟෙනහිර ආයුර්වේද රෝහල් 4ක් කොවිඩ් මධ්‍යස්ථාන කෙරේ

නැඟෙනහිර ආයුර්වේද රෝහල් 4ක් කොවිඩ් මධ්‍යස්ථාන කෙරේ
SSUCv3H4sIAAAAAAAACpyRy24DIQxF95X6DyPWGWkemUfyK1EX5pEMCgMRMK2qKP9eA0PEujt8bF/7mufnR1URCk4ycq6eIcJYKrU5b8FLoxG3h51bobmwSJpMBJfeWAmqhBQ8WzSsAqHelAr4FZPEefCbEy4M2xEDL26okeBbIm10SXGVEzGJHZgi5FAwt9HIMkri/+pMj6/sBm5Cs9+4cGHECiUgGbmkUnL/8cKupTXYuDSFq2/DQIWCvlB6WMmkvhVtxi/xyrmNmU17G1Z4b06UMQ+gKpz4ipoi8wWcw3KeeTGI4Z+atZijjY8GdlXC8SdC2PZdNx/7bur6sZ/meR72gvR7i0SduE4WwpjdJS+ty7ABmU5DcxqpqIf2OtfHiY41NPxUDw2bW9720LUUD//6AwAA//8DAL0UMnaHAgAA

අංජනා මල්ලවආරච්චි

නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල් හතරක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

පුදුකුඩුඉරිප්පු, අඩ්ඩාලච්චේන, කින්නියා සහ කප්පල්තුරෙයි යන ආයුර්වේද මහ රෝහල් 4 හෙට සිට පුළුවන් හා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන බවට පත්වන බව අනුරාධා යහම්පත් මහත්මිය කීවාය.

එම රෝහල්වලට ඇතුළු කරගන්නා කොරෝනා රෝගීන්ට දේශීය වෙදගම මගින් ප්‍රතිකාර ලබා දෙන බවද ආණ්ඩුකාරවරිය කීවාය.

එම රෝහල්වලට මේ වන විට ඇඳන් 270ක් තිබෙන අතර එම ඇඳන් සංඛ්‍යාව වැඩිකර අවශ්‍ය පහසුකම් සපයා දෙන බවද බවද නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here