Home දේශීය පුවත් පිටරටකදී සිදුවන දික්කසාද මෙරටදී පිළිගැනීමට නීති සංශෝධනයක්

පිටරටකදී සිදුවන දික්කසාද මෙරටදී පිළිගැනීමට නීති සංශෝධනයක්

0
පිටරටකදී සිදුවන දික්කසාද මෙරටදී පිළිගැනීමට නීති සංශෝධනයක්

පිටරටවලදී සිදුවන දික්කසාද, විවහා අවලංගු කිරීම් හෝ අධිකරණමය වෙන්වීම් මෙරට තුළ පිළිගැනීම සදහා නීතිමය සංශෝධනයන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යට නිකුත් කළ නිවේදනය මෙසේය.

  • ශ්‍රී ලංකාවේදී විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් එම රටවලදී වෛවාහික නඩු පැවරීමෙන් ලබා ගන්නා තීන්දු ප්‍රකාශ ශ්‍රී ලංකාව තුළ නොපිළිගැනීම හේතුවෙන් එවැනි පාර්ශ්වයන්ට දුෂ්කරතාවන්ට පත්වීමට සිදු වී ඇත. මෙරට තුළදී එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නම් නැවතත් ඔවුන්ට ශ්‍රී ලංකාවේදී දික්කසාද නඩුවක් පැවරීමට සිදු වේ. එබැවින්, විදේශයන්හි සිදු කෙරෙන දික්කසාද, විවාහය අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් පිළිගැනීමට හැකි වන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති පවුල් නීති උපදේශක කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, විදේශයන්හි සිදු කෙරෙන දික්කසාද, විවාහය අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් මෙරටදී පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන පැනවීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here