
ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය ගැන කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලයට කරුණු දැක්වීම සදහා කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපිත කර තිබේ.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත එම අනුකමිටුව පත්කර ඇත්තේ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුවය.