Home දේශීය පුවත් ගොම පොහොර කියා වැලිසර ගබඩාවෙන් පුපුරණ ද්‍රව්‍ය පන්නලා

ගොම පොහොර කියා වැලිසර ගබඩාවෙන් පුපුරණ ද්‍රව්‍ය පන්නලා

0
ගොම පොහොර කියා වැලිසර ගබඩාවෙන් පුපුරණ ද්‍රව්‍ය පන්නලා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවකින් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125 ක් සොරාගත් සිව් දෙනෙක් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිආරක්ෂිත ලෙස ගබඩාකර ඇති මෙම පුපුරණ ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගුවන් හමුදාවේ සැරයන්වරයෙක්, නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් සහ කඩුවෙල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් සිටින බව පොලීසිය කියයි.

දින කිහිපයකට පෙර සිදුව ඇති මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලි කර ඇත්තේ ගුවන් හමුදා මූලස්ථානයේ විනය අංශයේ ප්‍රධානියා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

කඩුවෙල ගල්වැඩ පොලක තිබී සොරාගත් ඇමෝනියා නටිට්‍රේට් අඩංගු උර තුනක් පොලීසිය සොයාගෙන ඇත. එහි ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ 70 යි ග්‍රරෑම් 500 ක් ඇති බවත් පොලීසිය කියයි. එම ඇමෝනියා නයිට්‍රේට් තොගය රුපියල් එක්ලක්ෂ හයදහසකට අත්අඩංගුවේ සිටින සැකකරුවන් අලෙවි කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here