Home COVID පානදුර රෝහලේ මළසිරුරු එළියෙත් ගොඩගැහිලා

පානදුර රෝහලේ මළසිරුරු එළියෙත් ගොඩගැහිලා

පානදුර රෝහලේ මළසිරුරු එළියෙත් ගොඩගැහිලා

අංජනා මල්ලවආරච්චි

පානදුර මූලික රෝහලේ අද පස්වරුව වන විට මළ සිරුරු 45ක් ගොඩ ගැසී තිබූ බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය සඳහන් කළාය.

කොරෝනා මල සිරුරු 12ක් ඇතුළු නාඳුනන පුද්ගලයින්ගේ මළ සිරුරු 5ක් ද ඒ අතර තිබෙන බව රෝහල් අධිකාරිවරිය සඳහන් කළාය.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සමීපතම ඥාතීන් නිරෝධායනයට ලක් කර ඇති හෙයින් මළ සිරුරු ආදාහනය කිරීමෙන් ගැටලු මතුව තිබෙන බව ද ගොඩකන්ද මහත්මිය කීවාය.

කොරෝනා ආසාදිත මළසිරුරක් ආදාහනය කරන්නේ නම් මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු එම අවස්ථාවට සහභාගී කරවා ගත යුතු හෙයින් සමීපතම ඥාතීන් නිරෝධායනයට ලක් වන හෙයින් ඔවුන් ගෙන්වා ගැනීමට නොහැකි බව ද එම නිසා මෙම මළ සිරුරු ගොඩ ගැහි තිබෙන බවද ඇය කීවාය .

පානදුර මූලික රෝහලේ මළ සිරුරු 45ක් ගොඩ ගැසී තිබෙන හෙයින් ඇතැම් විට ඒවා එළියෙ තැබීමට සිදු ව ඇතැයි ද ඇය පැවසුවාය.

සමහර මළ සිරුරු නරක් වී දුර්ගන්ධය හමන හෙයින්ද සෞඛ්‍ය තර්ජනයක් මතුව ඇතැයි ද රෝහල් අධිකාරිවරයෙක් සඳහන් කළාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here