Home දේශීය පුවත් අන්තරේ කැදවුම්කරුයි ජපුරේ ශිෂ්‍ය සංගම් සභාපතියි රක්ෂිත බන්ධනාගාරයට

අන්තරේ කැදවුම්කරුයි ජපුරේ ශිෂ්‍ය සංගම් සභාපතියි රක්ෂිත බන්ධනාගාරයට

0
අන්තරේ කැදවුම්කරුයි ජපුරේ ශිෂ්‍ය සංගම් සභාපතියි රක්ෂිත බන්ධනාගාරයට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කඩුවෙල අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාව රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.

තලංගම පොලීසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණේ පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම, මිනී පෙට්ටියක් මාර්ගයේ පුළුස්සා මාර්ගයට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here