Home උණුසුම් පුවත් කොතලාවල පනතට එරෙහිව පාරට බැස්ස අන්තරේ කැදවුම්කරු ඇතුළු 05 ක් අත්අඩංගුවට

කොතලාවල පනතට එරෙහිව පාරට බැස්ස අන්තරේ කැදවුම්කරු ඇතුළු 05 ක් අත්අඩංගුවට

0
කොතලාවල පනතට එරෙහිව පාරට බැස්ස අන්තරේ කැදවුම්කරු ඇතුළු 05 ක් අත්අඩංගුවට

කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක් පවත්වමින් මහ මාර්ගයේ තබා මිනී පෙට්ටියකට ගිනි තැබීමෙන් මාර්ගයට හානි කිරීමක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු 05 දෙනෙක් තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු තිදෙනා වෑන් රථ රියදුන් බවත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ශිෂ්‍යයින් උද්ඝෝෂණයට රැගෙන ඒම ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාය. එම වෑන් රථ රියදුරන් මැදිරිගිරිය, පේරාදෙණිය සහ තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක එච්.ඒ. ජනකාන්ත මහතාගේ ඇගිලි දෙකකට හානි සිදුවූයේද මෙම උද්ඝෝෂණය මැඩලීමට ගොස් බවද අජිත් රෝහණ මහතා සදහන් කරයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අද අලුයම රත්මලාන ප්‍රදේශයේදීය. පුද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට සහභාගිවී සිය නවාතැන් පොල වෙත යමින් සිටියදී ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරුපන ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකයකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here