Home උණුසුම් පුවත් කොතලාවල පනත පරාජයට ඉංජිනේරුවොත් එති

කොතලාවල පනත පරාජයට ඉංජිනේරුවොත් එති

කොතලාවල පනත පරාජයට ඉංජිනේරුවොත් එති

අංජනා මල්ලවාරච්චි

අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමටත් ඉංජිනේරු උපාධි අවතක්සේරු කිරීමටත් විරෝධය දක්වන බව ඉංජිනේරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධ්‍යාපන පද්ධතියේ පුළුල්වීමක් සිදුවිය යුත්තේ හඳුනාගත් අධ්‍යාපන ප්‍රතිපත්ති මත මිස වෙනත් ක්‍රමයකින් නොවන බවට ඉංජිනේරුවන්ගේ සංගමයේ සම ලේකම්වරුන් වන මහාචාර්ය කේ.ඩී.එම්.කේ.ඩී.එම්. හේමපාල සහ ලලිත් එන්. පල්ලේගම යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

ගුණාත්මකභාවය අඩු පාලනයකින් තොරව සිදුකරන අධ්‍යාපන පෞද්ගලීකරණය අධ්‍යාපන හමුදාකරණය මගින් අනාගතයේ දී ඉංජිනේරු අධ්‍යාපනයට ඇති වියහැකි හානිය අතිමහත් බවද ඉංජිනේරුවන්ගේ සංගමයේ නිවේදනය සඳහන් කරයි.

එම නිසා යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වන අතර, එය පරාජය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ඉංජිනේරුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here