Home උණුසුම් පුවත් ජනාධිපති ගෝඨාභය අකුරේගොඩ හමුදා මූලස්ථානයට

ජනාධිපති ගෝඨාභය අකුරේගොඩ හමුදා මූලස්ථානයට

0
ජනාධිපති ගෝඨාභය අකුරේගොඩ හමුදා මූලස්ථානයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා මූලස්ථාන පරීශ්‍රයේ විශේෂ හමුදා උත්තමාචාරයක්ද පවත්වනු ලැබීය.

අනතුරුව මේජර් ජනරාල් නිශාන්ත මානගේ විසින් ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැළසුම් ජනාධිපතිවරයාට පැහැදිලි කළේය. අනතුරුව ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක්කරමින් යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියද ජනධිපතිවරයා විසින් විවෘත කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here