Home උණුසුම් පුවත් අදත් පාසල් පාළුයි – ගුරුවරු පාරේ

අදත් පාසල් පාළුයි – ගුරුවරු පාරේ

අදත් පාසල් පාළුයි – ගුරුවරු පාරේ

අංජනා මල්ලවාරච්චි

රාජ්‍ය සේවය සාමාන්‍යකරණය කිරීමේ වැඩපිළිවෙළට අනුව ගුරුවරුන් ද අද සිට පාසල්වලට වාර්තා කරන්නැයි රට පුරා බහුතරයක් ගුරුවරුන් පාසල් වෙත නොපැමිණි බව වාර්තා වේ.

පාසල් කිහිපයක පමණක් ගුරුවරුන් විදුහල්පතිවරුන් කිහිපදෙනකු පමණක් සේවයට වාර්තා කර තිබූ අතර අනෙක් පිරිස සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බව පැවසේ.

රට පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන්නැයි අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් ඊයේ උපදෙස් ලබාදී තිබිණ.

තවද අධ්‍යාපන කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවල සේවකයින් සැළකිය යුතු ප්‍රමාණයක් සේවයට වාර්තා කර තිබිණ.

කොට්ඨාශ කාර්යාලවල සහ අධ්‍යාපන කාර්යාලවල 80%ක් අද රාජකාරියට වාර්තා කළ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here