Home උණුසුම් පුවත් ගුරු-විදුහල්පතිවරු තවදුරටත් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි

ගුරු-විදුහල්පතිවරු තවදුරටත් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි

ගුරු-විදුහල්පතිවරු තවදුරටත් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි

අංජනා මල්ලවාරච්චි

ගුරුවරුන්ට හා විදුහ්පතිවරුන්ට අද සිට යළි පාසලට වාර්තා කරන්නැයි අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රතික්ෂේප කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

රට පුරා පාසල්වල ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් රාජකාරියට අද වාර්තා නොකළ බව ද එම සංගමය සඳහන් කරයි.

තවදුරටත් රාජකාරීන් වැළකී සිටින අතර මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත් වීම, සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය පෙරපුහුණු කටයුතුවලින් ඉවත් වීම, විභාග අයදුම්පත් ඉදිරිපත් නොකිරීම, උසස් පෙළ විභාගයේ රාජකාරියට සහභාගි නොවීම, උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම සඳහා ඉල්ලුම් නොකිරීම ඇතුළු වෘත්තිය ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ක්‍රියාත්මක කරන බවද ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here