Home දේශීය පුවත් ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සියලු දෙනාට ම ලබාදෙනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සියලු දෙනාට ම ලබාදෙනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සියලු දෙනාට ම ලබාදෙනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව රට පුරා එය අවශ්‍ය සියලු දෙනාටම ලබා දෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා Newswave කළ විමසීමක දී අද (02) දින පැවසීය.

ඒ නිසා ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව නොලැබේවියැයි කිසිදු කලබලයක් ඇතිකර නොගන්නැයි ද ලලිත් වීරතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අදාළ එන්නත් පිට පළාත්වලට ලබා දීම ද ක්‍රමාණුකූලව සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනමාධ්‍ය ඔස්සේ දැනුවත් කරන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

අගෝස්තු 06 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම මේ වනවිට මධ්‍යස්ථාන සමඟ ප්‍රසිද්ධ කර තිබේ. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයට ඇස්ට්‍රොසෙනෙකා මාත්‍රා ලක්ෂ 2ක් මේ වනවිට යොමු කර ඇති අතර එම එන්නත්කරණ කටයුතු අද උදෑසන ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here