
ලොව වේගවත්ම මිනිසා තීරණය
කරන ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගැනීමට ඉතාලියේ ජේකොබ්ස් ලැමොන්ට් අද පස්වරුවේ සමත් විය.
ටෝකියෝවේදී පැවැති එම ධාවන ඉසව්ව පිළිබඳව කාගේත් වැඩි අවධානයක් යොමුවූ අතර, ලැමොන්ට් තරගය අවසන් කළේ තත්ත්පර 9 යි දශම 8 ක දක්ෂතාවක් දක්වමිනි.
එහි රිදී පදක්කම ඇමෙරිකානු ක්රීඩක කර්ලි ෆෙඩ්ට හිමිවිය.
ලෝකඩ පදක්කම හිමිවුණේ කැනඩාවටයි.
මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ඔලිම්පික් වාර්තාව තවමත් උසේන් බෝල්ට් සතු වේ.
ඔහු මෙම තරග ඉසව්ව නිම කර ඇත්තේ තත්පර 9.58 කිනි.