Home COVID කොවිඩ්- ඩෙංගු දෙකම හැදුණු දරුවෙක් හමුවෙයි

කොවිඩ්- ඩෙංගු දෙකම හැදුණු දරුවෙක් හමුවෙයි

කොවිඩ්- ඩෙංගු දෙකම හැදුණු දරුවෙක් හමුවෙයි
Kid breathing through nebulizer mask for he is uncomfortable with bronchi.

අංජනා මල්ලවආරච්චි

මේ දිනවල පවතින කාළගුණික තත්ත්වය මත දරුවන්ට කොරෝනාවලට අමතරව ඩෙංගු වෛරස් උණ වැළඳී මේ දැඩි අවදානමක් මතුව ඇතැයි කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

coronavirus සහ ඩෙංගු වෛරසය යන දෙකම ආසාදනය වූ දරුවකු කොළඹ ළමා රෝහලේන් වාර්තා වන බව ද ඩෙංගු අවදානම පහව ගියත් තවමත් ඔහු කොරෝනා ආසාදනයෙන් පෙළෙමින් සිටින බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

මීට අමතරව කොළඹ ළමා රෝහලේ කොරෝනා වැළඳී සිටි දරුවන් 35 දෙනා අද වන විට 85 ක් දක්වා වැඩි වී ඇතැයි ද එම නිසා දරුවන් ප්‍රවේශම් කරගැනීමට දෙමාපියන් වග බලා ගත යුතු බවද දීපාල් පෙරේරා මහතා කීය.

දෙමව්පියන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද දෙමව්පියන්ට සහ ඔවුන්ගේ දරුවන්ට corona වැළඳීමේ අවදානම පහව නොයන හෙයින් දරුවන් පිළිබඳව මීට වඩා ප්‍රවේශම් විය යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කිය.

Photo- file photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here