Home උණුසුම් පුවත් අද සිට ලන්ච් ෂීට් තහනම්

අද සිට ලන්ච් ෂීට් තහනම්

අද සිට ලන්ච් ෂීට් තහනම්

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් අද සිට තහනම් කර තිබේ.

ඒ අනුව සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශය පවසයි.

අද සිට ලන්ච් ෂීට් භාවිතය හා අලෙවියට අදාළ තහනම ප්‍රකාශයට පත්කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමෙන්ම මෙම පියවර ගැනීමට පෙර පරිසර අමාත්‍යාංශය විසින් ඒ පිළිබද තොග වෙළෙදසැල්, මහා පරිමාණ ආනයනයකරුවන් හා නිෂ්පාදකයන් ද කැඳවා මේ පිළිබද දන්වා ඊට විකල්ප සාකච්ඡා කොට මෙම පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාලයක් ද ලබාදී තිබුණි.

අද සිට මෙම තහනම පැනවෙන්නේ ඒ අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here