
ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටිය දී සිදුවූ අනතුරකින් ඊයේ රාත්‍රි මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නුවරඑළිය ලිඳුල ප්‍රදේශයේ දී ඇය ගමන්ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදු ව තිබේ.
ටෙලිනාට්‍ය රූගත කිරීමේ කටයුත්තකට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පා තිබේ.
රංගන ශිල්පිනියියක ලෙස විජේරත්න මහත්මිය ටෙලි නාට්‍ය රසික රසිකාවන් තුළ ජනප්‍රිය චරිතයක් වූවාය. ඇතැම් විට අම්මාගේ චරිතයත්, වලව්වෙ හාමු නෝනා චරිතයත්, නැන්දාම්මාගේ චරිතයත් බොහෝ විට හයිසින්ත් විජේරත්න මහත්මියගේ අතින් ඉතා තාත්විකව ඉදිරිපත් වූවාය.
අපරික්ෂාකාරීව රිය ධාවනය කළ වෑන් රථයේ රියදුරු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.