Home COVID 2021 මුල් මාස 6 කොරෝනා මර්ධනයට කෝටි 5300ක්

2021 මුල් මාස 6 කොරෝනා මර්ධනයට කෝටි 5300ක්

0
2021 මුල් මාස 6 කොරෝනා මර්ධනයට කෝටි 5300ක්

මෙම වසරේ ජුනි මාසය දක්වා කාලය තුල රජය විසින් කොරෝනා වසංගතය පාලනය කිරීමට රුපියල් කෝටි 5300ක්ද එන්නත් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 11ක මුදලක්ද වැය කරනු ලැබ ඇති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසයී.

වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ආටිගල මහතා මේ බව අනාවරණය කළේය.

ඉකුත් වර්ෂයේ මුල් මාසය 6ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 6 තුලදී රජයේ බදු ආදායම සියයට 8කින් ඉහළ ගොස් ඇති බවද පැවසූ ඒ මහතා කොරෝනා වසංගත තත්ත්වය හමුවේද මෙරට ආර්ථික ක්‍රියාකාරකම් එහිදී වර්ධනය වීමක් සිදුව ඇති බව එයින් පෙන්නුම් කරන බව පෙන්වා දුන්නේය.

වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථික ක්‍රියාකරකම් වල සිදුව ඇති පහත යෑමට මුහුණ දීමට එන්නත්කරණය අතිශය වැදගත් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එන්නත්කරණය මඟින් මරණ අනුපාතය අවම කරගැනීමට හැකිවන බවද එම තත්ත්වය මෙරට ආර්ථික ක්‍රියාකාරම්වල වර්ධනයට පිටුවහලක් වනු ඇති බවද ආටිගල මහතා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව රජය කොරෝනා මර්ධන එන්නත් මිලදී ගැනීමට මේවන විටත් ප්‍රමුඛත්වය ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් ආටිගල මහතා කියා සිටියේ නව ණය ගැනීමකින් තොරව මෙරට ණය ගෙවීමට විදේශ සංචිත ඉහළ දැමීමට පියරව ගතයුතු බවයි.

ඒ අනුව විදේශ සංචිත වර්ධණය කර ගැනීම සඳහා මෙරට අපනයන අදායම සහ ප්‍රේෂණ වර්ධනය කරගැනීමට පියරව ගතයුතු බවද ආටිගල මහතා පැවසීය.

මේ අතර 2025 වන විට ශ්‍රී ලංකාවට යලි ගෙවීමට ඇති බැඳුම්කර සහ වෙනත් ගෙවීම් ඇමරිකානු ඩොලර් බිලියන 4.1 පමණ වන බවද ඉන් ඇමරිකානු ඩොලර් බිලියනයක් පසුගියදා ගෙවීමට රජය සමත්වූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here