Home දේශීය පුවත් අල්ලස් කොමිසමේ නඩු 08 කින් සරණ ගුණවර්ධන නිදහස්

අල්ලස් කොමිසමේ නඩු 08 කින් සරණ ගුණවර්ධන නිදහස්

0
අල්ලස් කොමිසමේ නඩු 08 කින් සරණ ගුණවර්ධන නිදහස්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු ගොනු කිරීමට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ ලිඛිත විධාන ඉදිරිපත් වී නොමැති බව අල්ලස් කොමිසම අද අධිකරණයට කල දැනුම්දීමත් සමග අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළේය.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පනවා තිබුණු නඩු 08 කින් එසේ ඔහුව නිදහස් කරනු ලැබීය.

නඩුව අද විභාගයට ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කරනු ලැබුවේ සරණ ගුණවර්ධන මහතාට එරෙහිව එම නඩුව ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තුන්දෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන බවය.

සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නිරෝෂන් සිරිවර්ධන මහතා එම අවස්ථාවේදී අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ, ඒ අනුව නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසය.

ඒ අනුව අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් විත්තිකාර සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here