
මෙරට තුළ හමුවන කොරෝනා ආසාදිතයන්ගේ මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
සීමා ලිහිල් කිරීම හේතුවෙන් දෛනික ආසාදිතයන් ඉහළ යාමට හේතුවිය හැකි බවත් ඊට ඩෙල්ටා ප්‍රභේදය බලපෑමක් නැතැයි පැවසිය නොහැකි බවත් ඔහු පවසයි.
ඊයේ (28) දින කොරෝනා මරණ 66 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.
මියගිය අය අතරට අවුරුදු 30- 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 49 දෙනෙකු අයත් ය.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,351 කි.
අද හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,329 කි