
අංජනා මල්ලවාරච්චි
හෙද හෙදියන් ඉකුත් දා ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් සමඟ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් සාම්පල ලබා ගැනීම නතර කර තිබිණ.
කොරෝනා වයිරසය සොයාගැනීම සඳහා පවත්වන පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම වෛද්‍යවරුන්ගේ රාජකාරියක් බව පවසමින් හෙද හෙදියන් රෝගීන්ගේ සාම්පල ලබා ගැනීම නතර කර තිබිණ.
එහෙත් covid වසංගතය තදින් නැවත පැතිර යාම හේතුවෙන් හෙද හෙදියන් අද සිට රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබා ගැනීමේ කටයුතු සිදු කරන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
කොවිඩ් අවදානමෙන් පසුව එම රාජකාරියෙන් ඉවත් වීමටත් ඒ වෛද්‍යවරුන් ලවා කරවා ගැනීමට රෝහල් පාලනාධිකාරිය බල කිරීමට අපේක්ෂා කරන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.