Home දේශීය පුවත් මුවාට තැබූ වෙඩිල්ලෙන් සෙබලා මරුට

මුවාට තැබූ වෙඩිල්ලෙන් සෙබලා මරුට

0
මුවාට තැබූ වෙඩිල්ලෙන් සෙබලා මරුට

අම්පාර ඉගිනියාගල නාමල් තලාව වනාන්තරයේ සතුන් දඩයමේ ගිය පිරිසක් මුවෙක් පසු පස පන්නමින් තැබූ වෙඩිල්ලක් වැදී එක් අයෙක් මිය ගොස් තිබේ.

එම පුද්ගලයා දඩයමේ ගිය පිරිස අතර සිටි හමුදා සෙබලෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මිය ගොස් ඇති පුද්ගලයා අම්පාර ඉගිනියාගල පදිංචිකරුවෙක් වන 36 හැවරදි පුද්ගලයෙකි. වෙඩි තැබූ පුද්ගලයා කොටන තුවක්කුවක්ද සමග පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මුවාව වටකර හඹායමින් සිටියදී මුවාට තැබූ වෙඩිල්ලක් තමන් සමග දඩයමේ පැමිණි මිතුරාට වැදුණු බවත් ඒ අවස්ථාවේදීම ඔහුව ඉගිනියාගල රෝහලට ඇතුලත් බවත් වෙඩි තැබූ පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here