Home උණුසුම් පුවත් රට තුළ බෙදා අවසන් කොවිඩ් එන්නත් මාත්‍රා කෝටියකට ආසන්නයි

රට තුළ බෙදා අවසන් කොවිඩ් එන්නත් මාත්‍රා කෝටියකට ආසන්නයි

0
රට තුළ බෙදා අවසන් කොවිඩ් එන්නත් මාත්‍රා කෝටියකට ආසන්නයි

මේ වනවිට මෙරට තුළ කොවිඩ් එන්නත් මාත්‍රා 9,007,559 ක් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සදහන් කරයි.

ඒ අතර සිටින එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් ගණන ලක්ෂ 18 ක් පමණ වනු ඇත.

මෙරට දිනක් තුළ වැඩිම කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණයක් ඊයේ (24 ) දින ලබාදී තිබේ. එම සංඛ්‍යාව 412,211 කි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 306,622ක් සහ එහි දෙවන මාත්‍රාව 35,720 ක් ද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 69,830ක් ද ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව 39ක් ද ඊයේ දිනය තුළ ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here