Home දේශීය පුවත් රංගන ශිල්පිනී අනූෂා දමයන්ති රහස් පොලීසිය හමුවට

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති රහස් පොලීසිය හමුවට

0
රංගන ශිල්පිනී අනූෂා දමයන්ති රහස් පොලීසිය  හමුවට

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ සිටියාය.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා කෙරෙන අපහාස කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ඇය එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් තිබේ.

ඇය සදහන් කරනුයේ සරත් වීරසේකර ඇමතිවරයාව සම්බන්ධකරගෙන තමාට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන මඩ ප්‍රහාර දරාගත නොහැකි නිසා මෙසේ පැමිණිලි කිරීමට පැමිණි බවය.

“රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති මෙහෙම දේවල් වෙන්නේ කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්. මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි.” යැයි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන විට මාධ්‍යට සදහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here