
හබරාදූව ලියනගොඩ පිහිටි විහාරස්ථානයක වැඩසිටින භික්ෂූන්වහන්සේ 14 නමකට හා එහි සිටි ගිහියන් 3 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමකට සිදුකරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂාවකදී එම හිමිවරුන්ට කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බවය.
ඒ අනුව ඉකුත් 20 වනදා විහාරස්ථානයේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 3 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත් එහි වාර්තාවන්ට අනුව ගිහියන් තිදෙනාට සහ භික්ෂූන් වහන්සේ 14 නමකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.