
මෙරට කොඩිඩ් මර්දන එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම උදෙසා මෙතෙක් වරකට ගෙන ආ විශාලතම එන්න්ත් තොගය රැගෙන ශ්‍රීලංකන් ගුවන් යානා දෙකක් අද චීනයේ බීජිං නගරයේ සිට කොළඹට ගෙන එනු ලැබීය.
සීනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් මෙලෙස අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
මෙලෙස අද රැගෙන එන ලද්දේ ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගන්නා ලද එන්නත් මිලියන 2 කි.
මේ අනුව මෙරටට පරිත්‍යාග ලෙසින් ලද සහ මිලදී ගත් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 91ක් ශ්‍රී ලන්කන් ගුවන් යානා මගින් මේ දක්වා දිවයිනට රැගෙන විත් තිබේ.
ඒ අනුව කොවිඩ් මර්දනයේ ජාතික ක්‍රියාවලියට ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව සහයෝග ලබාදෙමින් සිටී.