Home දේශීය පුවත් ආරක්ෂක අමාත්‍යාංශයේ නම විකුණා කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් මුදල් ගත් හමුදාවේ 02 ක් දැලේ

ආරක්ෂක අමාත්‍යාංශයේ නම විකුණා කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් මුදල් ගත් හමුදාවේ 02 ක් දැලේ

0
ආරක්ෂක අමාත්‍යාංශයේ නම විකුණා කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් මුදල් ගත් හමුදාවේ 02 ක් දැලේ

ආරක්ෂක අමාතයාංශයට අයත් බුද්ධි අංශ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධී මත්පැන් ජාවාරමක නිරතව සිටින පුද්ගලයෙකුට නිදහසේ එම ඡාවාරම කරගෙන යාමට මාසිකව රුපියල් 15000 බැගින් මුදලක් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනෙක් හලාවත පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල නීති විරෝධි මත්පැන් ඡාවාරම්කරු ඒ ගැන පොලීසියට කළ දැනුම් දීමකට අනුව මුදල් ලබා ගන්නා අවස්ථාවේදීම ඔවුන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

එම පුද්ගලයින් දෙදෙනා හමුදාවේ අය බවත් ඔවුන්ව අද දින අධිකරණයට ඉදිරිපත්කරන බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ අතර සීදූව ප්‍රදේශයේද නීති විරෝධි මත්පැක් ඡාවාරමක නිරතව සිටින පුද්ගලයෙකුගෙන් රුපියල් 80000 ක මුදලක් ලබාගැනීමක් සම්බන්ධයෙන්ද හමුදාවේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ අය සම්බන්ධයෙන් හමුදා නීතියට අනුවද කටයුතු කරන බවත් ඔවුන්ව හමුදාවෙන් නෙරපීමට පියවර ගන්නා බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළ බව ද අජිත් රෝහණ මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here