Home උණුසුම් පුවත් දුමින්දගේ ජනපති සමාව ගැන හිරුණිකාගෙන් ‍ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දුමින්දගේ ජනපති සමාව ගැන හිරුණිකාගෙන් ‍ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දුමින්දගේ ජනපති සමාව ගැන හිරුණිකාගෙන් ‍ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු දේශපාලනඥයකු වන ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාවෙහි නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමිනි.

මෙම පෙත්සම හරහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ද නීතියේ සමාන ආරක්ෂාව සඳහා 12 (1) වගන්තිය යටතේ සහතික කර ඇති ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් ඉල්ලා සිටී.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ නීතිපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අධිකරණ අමාත්‍ය සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.

2011 ඔක්තෝම්බර් 8 වන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 8 වන දින හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

2018 ඔක්තෝම්බර් 11 වන දින එවකට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ තවත් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම් ඒකමතිකව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here