Home COVID චීනයේ අවුරුදු 12 සිට දරුවන්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

චීනයේ අවුරුදු 12 සිට දරුවන්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

චීනයේ අවුරුදු 12 සිට දරුවන්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

චීනයේ බීජිංහි වයස අවුරුදු 12 ත් 17 ත් අතර බාල වයස්කරුවන් සඳහා COVID-19 එන්නත ලබාදීම අද ආරම්භ කළ බව එහි නාගරික රජය නිවේදනය කරයි.

බීජිංහි වයස අවුරුදු 18ට වැඩි 90.6%ක් COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කර තිබේ.

ඒ අනුව බීජිං හි වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් මිලියන 17.6 කට වැඩි ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත.

නගරයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 90 ඉක්මවා එන්නත ලබාදී ඇති බැවින් දරුවන්ට ලබාදීම ආරම්භ කළ බව චීන රජය පවසයි.

චීනයේ COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 36.1 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇත.

එහි වැඩිහිටි ජනගහනයෙන් සියයට 95.6 කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් එන්නතක්වත් ලබාගෙන ඇති බව එරට රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here