Home දේශීය පුවත් ශ්‍රීලනිප මූලස්ථානයේ සොරකමක්

ශ්‍රීලනිප මූලස්ථානයේ සොරකමක්

0
ශ්‍රීලනිප මූලස්ථානයේ සොරකමක්

මරදාන ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර ඇති වායුසමීකරණ යන්ත්‍ර 04 ක තඹ කොටස් සොරාගැනීමක් සිදුව ඇතැයි මරදාන පොලීසිය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මරදාන පොලීසිය පරීක්ෂණ පවත්වා එම සොරකමට සම්බන්ධ වයස අවුරුදු 23 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මරදාන ඉමාමුල්අරුෂ් මාවතේ පදිංචිකරුවෙක් වන එම සැකකරු මත්කුඩු පානයට ඇබිබැහිවී සිටින්නෙක් බව පොලීසිය සදහන් කරයි. සොරාගත් තඹකොටස් ඔහු විසින් පරණ බඩු මිලදී ගන්නා ස්ථානයකට අලෙවිකර තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

සැකකරුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here