Home උණුසුම් පුවත් විශ්වාසභංගය පැරදූ මැතිඇමතිලාගේ පැටිකිරිය කියන්න සජිත් ජනතාව ළඟට යයි

විශ්වාසභංගය පැරදූ මැතිඇමතිලාගේ පැටිකිරිය කියන්න සජිත් ජනතාව ළඟට යයි

විශ්වාසභංගය පැරදූ මැතිඇමතිලාගේ පැටිකිරිය කියන්න සජිත් ජනතාව ළඟට යයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ මැති ඇමතිවරුන්ගේ මැතිවරණ කොට්ඨාස වෙත ගොස් ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අද සිට ජනතාව දැනුවත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත්කර ඇති පසුබිමක අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන අද (21) සිට ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හෙතෙම කියාසිටී.

අභ්‍යන්තර ගැටලු තිබුණද පවතින තත්ත්වය තුළ ආණ්ඩුව දුර්වල කිරීමට විපක්ෂයට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here