Home දේශීය පුවත් ගෑස් සමාගම්වල ගෑස් බස්සයි

ගෑස් සමාගම්වල ගෑස් බස්සයි

0
ගෑස් සමාගම්වල ගෑස් බස්සයි

මිල ඉහළයාමක් බලාපොරොත්තු වූ ගෑස් සමාගම්වලට එම අවස්ථාව නොලැබුණු තැන පාරිභෝගිකයාද නොමග යවමින් නීතියේ හිඩැස්වලින් රිංගමින් බර වෙනුවට ලීටර් වලින් ගෑස් බෙදන්නට ගත්තේය.

අපේ රටේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් අලෙවි වූයේ බර අනුවය. ඒ අනුව කිලෝ 12.5 ක් බරැති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක සිල්ලර මිල වූයේ රුපියල් 1493 කි. මෙම මිල තීරණය කරන්නේ පාරිභෝගික අධිකාරිය විසිනි. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් පවා නිකුත් කර ඇත්තේය.

ගෑස් මිල වැඩිවීමේ අපේක්ෂාව බිද වැටීමත් සමග සමාගම් ගෑස් මිල වැඩි කරන්නේ පාරිභෝගිකයා ගොනාට අන්දවමිනි. ඒ අනුව ඔවුන් කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18 ලෙස සදහන් ගෑස් සිලින්ඩරයක් වෙළද පොළට හදුන්වා දුන්නේය. ඒත් එක්කම එහි මිල නියම වන්නේ රුපියල් 1395 ක් ලෙසිණි. බැලූබැල්මට පාරිභෝගිකයා දකින්නේ සිලින්ඩරයේ සදහන්ව ඇති 18 ඉලක්කමය. එය කිලෝද ලීටර්ද යන්න ඒ අයට තේරුමක් නැත. දැනෙන්නේ 12.5 ට වඩා 18 ලොකු අගයක් බවකි. ඒත් එක්කම මිලත් අඩුය. හැබැයි ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ ඇත්තේ කිලෝ 9.5 ක් පමණ ගෑස් ප්‍රමාණයක් බව පාරිභෝගිකයා දන්නේ නැත. ඒ අනුව මිල අඩුවිය යුත්තේ රුපියල් 100 ක් හෝ ඒ ආසන්න ගානක් නොව රුපියල් 500 කින් පමණ මිලෙහි අඩුවීමක් සිදුවිය යුතු බව පාරිභෝගිකයා දන්නේ නැත. පාරිභෝකයාට රුපියල් 400 කට වැඩි වංචාවක් ගෑස් සමාගම් විසින් කරන බවද පාරිභෝකයාට පේන්නේ නැත. පාරිභෝගිකයා සමාගම් විසින් රැවටීමට ලක්කරන්නේ ඒ අයුරිනි.

සමාගම්වල මේ ගැටයෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට පාරිභෝගික අධිකාරිය විසින් හැකි උපරිම උත්සහයන් ගනිමින් කිලෝ 12.5 ගෑස් සිලින්ඩර් හිගයකින් තොරව වෙළද පොලට නිකුත් කරන ලෙස දැනුම් දුන්නද සමාගම් ඒ හඬට ඇහුම්කන් දුන්නේ නැත. මෙම ගැටලුවේදී ගෑස් පෙන්වන ගෑස් සමාගම්වලට එරෙහිව ක්‍රියාත්මක වන්නට පාරිභෝගික අධිකාරියට ශක්තියක්ද නොවීය. මෙරට ගෑස් ඒකාධිකාරිය ඇති සමාගම් දෙකෙන් එකක් රජයට සම්බන්ධ සමාගමක් වූවත් රජයටද ඊට මැදිහත් වෙමින් මේ වැරැද්ද නිවැරදි කිරීමට ඉඩක් නොවීය. මේ තත්වය මත කිලෝ 18 ගෑස් සිලින්ඩරයට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කළේය. ඒ රුපියල් 1150 ක් ලෙසිණි. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත්කරන්නේ වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. ඊට කැබිනට් අනුමැතිය හිමිවන්නේ පාරිභොගිකයාට යම් සහනයක්ද ලබාදෙමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here